FAST NEWS

24×7 Around the Globe

‘හතුරු’ ගේ ලොකුම හතුරා ගැන එළිදරව්වක්

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම තනතුර සඳහා පත්කරන ලෙස ඉල්ලීම් කළේ මෙරට මාධ්‍ය බවත් වර්තමානයේ ඔහුව ඉවත් කරන ලෙස ඉල්ලීම් කරන්නෙත් මාධ්‍ය බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ශම්මි සිල්වා මහතා පැවැසීය.

පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේනමුත්, මාධ්‍ය හෝ සමාජ ජාල වෙබ් අඩවි ඉල්ලීම් කල පමණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු තීරණයක් නොගන්න බවත්, පුහුණුකරුවන් සම්බන්ධයෙන් තීරණ ඔවුන්ගේ දක්ෂතා (Performance) මත පදනම්ව පමණක් ගන්නා බවට ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

මේ අතර, හතුරුසිංහ මහතා සමග බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය සාකච්ඡුා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවට විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබේ.

හතුරුසිංහ මහතා යළිත් බංග්ලාදේශයේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ගැනීමට බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපති නස්මුල් හසන් (Nazmul Hassan) අවධානය යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

හතුරුසිංහ මහතා 2014 වසරේ සිට 2017 දක්වා බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර අනතුරුව ඔහු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරට පත්විය.

හිස්වු බංග්ලාදේශ ප‍්‍රධාන පුහුණුකරු තනතුර එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ ස්ටීව් රෝඞ්ස් විසින් දැරූ අතර ලෝක කුසලානයෙන් පසුව ඔහුවද ඉවත් කර, ශ‍්‍රී ලංකාව සමග තරගාවලියේදී බංග්ලාදේශ තාවකාලික පුහුණුකරු වශයෙන් කලීඞ් මහමුද් පත්කරන ලදි.