FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු කොරියාව අද (06) උදෑසන තවත් හඳුනා නොගත් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙන බවත් එය සති දෙකක් තුළ ඔවුන් සිදුකළ සිව් වැනි මිසයිලය වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දකුණු කොරියානු හමුදාව ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ දකුණුදිග හවන්ගේ ප්‍රාන්තයේ සිට නැගෙනහිර මුහුද දෙසට එම මිසයිල එල්ල කළ බවයි.

ඒ සම්බන්ධයෙන් දකුණු කොරියාව සහ ජපානය සමඟ අවධානයෙන් කටයුතු කරන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේය.

ඊයේ (06) ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ විය.

ඊට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාව සිය මිසයිල අත්හදා බැලීම් ඉහළ නංවා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.