FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත – ශ්‍රී ලංකා තරග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – එළඹෙන නවසීලන්ත ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රවේශපත්‍ර දැන් අන්තර්ජාලය හරහා මිලදී ගත හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) අද නිවේදනය කරනු ලැබුවා.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග තුනක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, ටෙස්ට් තරඟවල ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 300 ත් 1,000 ත් අතර වේ.

විස්සයි20 තරග සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500 ත් 4,000 ත් අතර මිලකට අලෙවි වනු ඇත.