FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ තාක්ෂණික දෝෂ්‍යක් හේතුවෙන් විදුලි බිඳවැටීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවේ නගර කිහිපයට තාක්ෂණික දෝෂ්‍යක් හේතුවෙන් විදුලි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 100 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ  එරට වේලාවෙන් උදෑසන 5.00 සිට බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට පැය 9 ක කාලයක් ගතව ඇති බවයි.

ඒ හේතුවෙන් ජකර්තා නගරයේ සහ අවට නගරවල දුරකථන ජාලද ඇණහිට තිබුණි.

එමෙන්ම මාර්ග සංඥාද අක්‍රියවී තිබූ අතර මගී දුම්රිය සේවාවන්ටද බලපෑම් එල්ලවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාවන්නේ.