FAST NEWS

24×7 Around the Globe

රත්තරන් ඉහළ යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලෝක වෙළඳපොලේ රන් මිල මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ අවධාරණය කරයි.

ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිත වාතාවරණය මැද ආයෝජකයන් සුරැකුම් ලෙස රන් මිලදී ගැනීම මීට හේතුව වී තිබේ.

එසේම , ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඩොලර් බිලියන 300 ක් වටිනා තවත් චීන භාණ්ඩ සඳහා 10% ක තීරුබදු පැනවීම හේතුවෙන් වෙළඳ යුද්ධය උත්සන්නවීම මෙලෙස රත්‍රන් මිල ඉහළ යාමට මූලික හේතුවක්.

රන් අවුන්සයක මිල මේ වනවිට වසරේ ඉහළම අගයට පැමිණ ඇති අතර, සති අන්තයේදී එය සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1455 යි ශත 90 ක් ලෙසයි.