FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ජනාධිපතිවරණය ගැන මිෂෙල් ඔබාමාගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු පළමු ආර්යාව වන මිෂෙල් ඔබාමා හට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස සිදුකෙරෙන ඉල්ලීම්වලට පැහැදිලි පිළිතුරක් ඊයේ (02) ලබාදුන්නාය.

ඒ රටට සේවය කිරීම සඳහා වෙනත් ආකාරයන් පවතින්න බවත් ඒ අනුව තමා ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කිසිදු අවස්ථාවක් නොමැති බවත් ඇය කියා සිටියාය.

මිට අමතරව, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයට ඉදිරිපත් කළ හැකි හොඳම ප්‍රතිවාදියා මිෂෙල් ඔබාමා බව සුප්‍රකට ඇමරිකානු සිනමාකරු මයිකල් මෝගන් පසුගිය දා ප්‍රකාශ කර සිටියේය.