සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග අගෝස්තු – මස අගදී ආරම්භ වීමට තිබූ තරග 3කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට තරගාවලය පැවැත්වෙන දින සහ කී‍්‍රඩාංගණවල සංශෝධනයක් කර තිබේ. විස්සයි විස්ස තරග 3න් 2ක් කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී සහ එක් තරගයක් මහනුවර පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදිත් පැවැත්වීමට කටයුතු යොද තිබුණද නව සංශෝධනයට අනුව ශී‍්‍ර ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියේ සියලූම තරග පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදීම පැවැත්වීමට තීරණය කර තිබේ.
පෙර පැවැති කාල සටහනට අනුව දෙරට අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අගෝස්තු මස 31 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණු අතර ඉතිරි තරග දෙක පිළිවෙළින් සැප්තැම්බර් මස 02 වැනිදා සහ 06 වැනිදා පැවැත්වීමටත් තීරණය කර තිබිණි. එහෙත් මෙම නව කී‍්‍රඩාංගණ සහ කාල සටහන් සංශෝධනය සමග විස්සයි විස්ස පළමු තරගය සැප්තැම්බර් මස 01 වැනිදාත් දෙවැනි තරගය 03 වැනිදාත් පැවත්වේ. දෙරට අතර තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය පැවත්වෙන දිනයෙහි වෙනසක් වී නොමැත.
මීට අමතරව ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ නවසීලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙම මස 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන අතර එහි දෙවැනි තරගය 22 වැනිදා කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශ‍්‍රී ලංකා – නවසීලන්ත නව තරග කාල සටහන
අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක‍්‍රීඩාංගණය.
අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය.
අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණය.
අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය.
සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය.
සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය.
සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය.









