(ෆාස්ට් නිව්ස් | කොළඹ) –ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නා ලෙස ජාත්‍යන්තර මට්ටමෙන් ජනාදරයට පත් ලසිත් මාලිංග වෙනුවෙන් ගැයෙන ගීතයක් ඇතුළු CD සහ DCD තැටියක් දැන් නිර්මාණය වෙමින් පවතී.
ලසිත් මාලිංග වෙනුවෙන් සහ සෙසු ගීත නිර්මාණය කර ඇත්තේ ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ බයිලා ගායකයකු වන ඇන්ටන් සිල්වාය.
මෙම ගීත සියල්ලේම පද මාලාව ඇන්ටන් සිල්වා සතුය. වාදනය සපයනු ලබන්නේ රංජිත් ඩයස්ය.
ලසිත් මාලිංග මට විශාල වශයෙන් උදව් උපකාර කළ අයෙක්. මගේ අසනීප වූ දරුවා වෙනුවෙන් මුදල් වශයෙන් සහාය දුන්නා. මීට පෙර මාලිංග වෙනුවෙන් මම ගීත පවා ගායනා කළා. අද ලසිත් මාලිංග වෙනුවෙන් ඔහුට කළ යුතු එකම උපහාර මෙන්ම සියලූම ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කළා.
අද ජාත්‍යන්තරයේ සීමිත කි‍්‍රකට් කී‍්‍රඩකයෝ පවා ඔවුන්ගේ රටවලට විවිධ ආකාරයට උදව් උපකාර කර තිබෙනවා. අපේ ලසිත් මාලිංගෙන් ඊට ආදර්ශයක්. මෙම ගීතය වැඩි කල් යෑමට මත්තෙන් ඉතාමත් ජනපි‍්‍රය වෙයි කියලා මා හිතනවා.
ලසිත් මාලිංග වෙනුවෙන් ඇන්ටන් සිල්වා ගයන උපහාර ගීතය පහලින් නරඹන්න









