FAST NEWS

24×7 Around the Globe

කුලසේකරගේ සමුගැනීම වෙනුවෙන් තරඟයක් ලබා නොදීම සාධාරණයි – මුරලි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන මුත්තයියා මුරලිදරන් නුවන් කුලසේකර සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඒ , නුවන් කුලසේකර යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කළ බව තමන් අවිවාදයෙන් පිළිගන්නා නමුත්, ඔහු හෝ අන් අයකු වේවා තම වර්තමාන දක්ෂතා ඔප්පු කර පෙන්වීමට තරම් සාධක නොමැති නම් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නොදීම අසාධාරණයක් නොවන බවයි.

ක්‍රීඩකයෙක් ලෙස කුලසේකර දක්ෂයෙක් බවත්, එසේම ඔහු පුද්ගලයෙක් වශයෙන් ඉතා හොඳ අයෙක් බවත් මුරලි පවසයි.

පසුගිය කාලය පුරා ඔහු ක්‍රීඩා කරනු නොදුටු බවත්, එසේ ක්‍රීඩා නොකර තේරීම් කමිටුවට ඔහුගේ දක්ෂතාවය සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය නොහැකි බවද  ඔහු කියා සිටී.

බංග්ලාදේශය සමඟ පැවැති මුල් එක්දින තරග දෙකම ජය ගෙන තිබූ අවස්ථාවේ කුලසේකරට අවස්ථාවක් දීම සුදුසු බවට තර්ක කළ හැකි වුවද, තම පෞද්ගලික මතය වන්නේ රටක් ලෙස සෑම ජාත්‍යන්තර තරගයක්ම ජය ගැනීම වැදගත් බව මුරලිදරන් පවසයි.

එසේම, නුවන් කුලසේකරට සමුගැනීම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තරඟයක් ලබා නොදීම සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණය ගැන තමන්ට විවේචනයක් නොමැති බව මුත්තයියා මුරලිදරන් කියා සිටී.