FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවෙන් චීනයට තවත් බදු පනවයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකානු – චීන වෙළඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් චීනයෙන් ආනයනය කෙරෙන තවත් ඩොලර් බිලියන 300 ක භාණ්ඩ සඳහා 10 % ක නව තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව බද්ද සැප්තැම්බර් පළවනදා සිට ක්‍රියාත්මක වන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් විශ්ළේෂකයන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ වෙළඳ යුද්ධය අවසන් කිරීම සඳහා පැවති සාකච්ඡා ප්‍රගතියක් පෙන්නුම් නොකළ අතර, නව පියවර දෙපාර්ශවයටම අහිතකර බලපෑම් ඇති කරනු ඇති බවයි.

ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ මෙම 10 % ක බද්ද, ඉදිරියේදී 25 % දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි.