FAST NEWS

24×7 Around the Globe

හම්සා බින් ලාඩන් මියයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුතෙකු වන හම්සා බින් ලාඩන් ජිවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු රජය ඊයේ (31) ප්‍රකාශ කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ හම්සා බින් ලාඩන් මියගිය ආකාරය සහ මියගොස් ඇති ස්ථානය පිළිබඳව ඇමරිකානු රජය මෙතෙක් කිසිදු අනාවරණයක් සිදු කර නොමැති බවයි.

2018 වසරේදී හම්සා බින් ලාඩන් විසින් අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට විඩියෝවක් නිකුත් කර තිබු අතර ඔහු පිළිබඳව තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබා දෙන බවයි අමෙරිකානු රජය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.