(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (Fifa) විසින් එළි දක්වන ලද නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව රටවල් 211 ක් අතුරින් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 200 වැනි ස්ථානයට පත්ව ඇත.
ෆිෆා විසින් පසුගියදා මෙම සටහන එළි දක්වනු ලැබූ අතර , මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 886 ක් දක්වා වර්ධනය වී තිබේ.
ආසියානු කලාපයේ පහළම ස්ථානය පාකිස්තානයට (202) හිමිවී ඇත.
ෆිෆා ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ සුපුරුදු පරිදි බෙල්ජියමට හිමිවී ඇති අතර , දෙවැනි ස්ථානයේ සිටි ප්‍රංශය අබිබවා එම ස්ථානයට බ්‍රසීලය පැමිණ , ප්‍රංශයට තෙවැනි ස්ථානය හිමිව ඇත.
ආසියානු කලාපයේ පෙරමුණ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 23 වැනි ස්ථානයේ පසුවන ඉරානයට හිමිවී තිබේ.
එහි දෙවැනි ස්ථානය ලෝක ශ්‍රේණිගත කිරීම්හි 33 වැනි ස්ථානයේ පසුවන ජපානයට හිමිවී ඇති අතර, ලෝක ශ්‍රේණිගත කිරීම්හි 37 වැනි ස්ථානයේ පසුවන දකුණු කොරියාව ආසියානු කලාපයේ තෙවැනි ස්ථානයේ පසුවේ.









