FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ බන්ධනාගාරයක් තුළ ඇතිවූ ගැටුමකින් 52 ක් මරුට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රසීලයේ පරා පළාතේ ඕල්ටර්මිරා බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 52 දෙදෙනෙකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පැය පහක පමණ කාලයක් තිස්සේ දෙපිරිස අතර ගැටුම් පැවතී ඇති බවත් , බන්ධනාරයේ එක් කොටසකට ගිනිතබා ඇති බවත් අදාළ වාර්තා සදහන් කරයි.

මියගිය පිරිස අතරින් 16 දෙනකුගේ හිසගසා දමා ඝාතනය කර තිබෙන අතර , බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු ප්‍රාණ ඇපයට ගෙන පසුව නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

මෙම බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 200කට පමණක් වුවත් 300කට වැඩි පිරිසක් රඳවා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.