FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවට පහරදෙන්න රුසියාවෙන් බැලස්ටික් මිසයිලයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇමරිකාවට පහරදිය හැකි බැලස්ටික් මිසයිලයක් රුසියාව විසින් සාර්ථකව අත්හදාබලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ටොපෝල් එම්. නැමති දිගුදුර න්‍යෂ්ටික මිසයිලයක් මෙලෙස අත්හදා බලා ඇති අතර කිලෝමීටර 2500 ක් දුරින් පිහිටි කසකස්ථානයේ සැරීෂැගන් ප්‍රදේශය ඉලක්ක කර රුසියාව මෙම මිසයිලය අත්හදා බලා තිබේ.

ඇමරිකාවේ සියලු ප්‍රාන්ත ඉලක්ක කරගනිමින් මෙම මිසයිලයට ප්‍රහාර එල්ල කළ හැකි බව විදෙස් වාර්තා සඳහන් කළේය.

1980 න් පසු රුසියාව මෙවැනි ප්‍රබල මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ පළමු අවස්ථාව මෙය බවත් වාර්තා වෙයි.