FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ බුද්ධි තොරතුරු අධ්‍යක්ෂක ඉවත් වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඇමරිකාවේ බුද්ධි තොරතුරු අධ්‍යක්ෂකවරයා වන Dan Coats එම ධූරයෙන් ඉවත් වන බව ජනාධිපති ට්‍රම්ප් වෙත දන්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කියයි.

ඒ අනුව ලබන අගෝස්තු මැද දී ඔහු වෙනුවට John Ratcliffe මෙම තනතුර වෙනුවෙන් පත් කෙරෙනු ඇති බවද කියැවේ.

රුසියාව සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් ක්‍රියා කල යුතු ආකාරය ගැන ට්‍රම්ප් සහ වර්තමාන ආරක්ෂක ප්‍රධානියා අතර පරස්පරතා තිබීම මීට ප්‍රධාන ලෙස බලපෑ බවද පැවසේ.

CIA සහ NSA ඇතුලු බුද්ධි තොරතුරු ඒකක 17ක් පාලනය ක්‍රනු ලබන්නේ ඇමරිකානු බුද්ධි තොරතුරු අධ්‍යක්ෂකවරයා විසිනි.