(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාගම ඇතුළු ප්රදේශ කිහිපයක ජල සැපයුම අද (27) පෙරවරු 11.00 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කළා.
ඒ ප්රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්
එම මණ්ඩලය නිවේදනය කළේ රාගම – කඳාන, ජාඇල, සීදුව, කටුනායක සහ ඒකල යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි වී ඇති බවයි
මීට අමතරව කොටුගොඩ, පමුණුගම, උස්වැටකෙයියාව, වැලිසර, මටගොඩ, මහබාගේ, කෙරවලපිටිය සහ මාබෝල යන ප්රදේශවල ජල සැපයුම ද මෙලෙස බිඳ වැටී තිබේ.








