FAST NEWS

24×7 Around the Globe

හදිසි බිඳ වැටීමක් නිසා රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (27) ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (27) පෙරවරු 11.00 දක්වා අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ ප්‍රධාන සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්

එම මණ්ඩලය නිවේදනය කළේ  රාගම – කඳාන, ජාඇල, සීදුව, කටුනායක සහ ඒකල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම විසන්ධි වී ඇති බවයි

මීට අමතරව කොටුගොඩ, පමුණුගම, උස්වැටකෙයියාව, වැලිසර, මටගොඩ, මහබාගේ, කෙරවලපිටිය සහ මාබෝල යන ප්‍රදේශවල ජල සැපයුම ද මෙලෙස බිඳ වැටී තිබේ.