FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ සමඟ තරඟාවලියට ශ්‍රී ලංකා අවසන් සංචිතය නම් කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  බංග්ලාදේශ කණ්ඩායම සමඟ ලබන 26 වැනිදා ආරම්භ විමට නියමීත තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා අවසන් සංචිතය ක්‍රික‍ට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

එම සංචිතයට ලසිත් මාලිංගද ඇතුළව ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්ව ඇති අතර පළමු තරගයෙන් අනතුරුව විශ්‍රාම ගත් පසු දෙවැනි තරඟයේ සිට සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඇතුළත් කිරිම සඳහා නම් කර තිබේ

සංචිතය

දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ළහිරු තිරිමාන්න
ෂෙහාන් ජයසුරිය
ධනංජය ද සිල්වා
වනිදු හසරංග
ලසිත් මාලිංග
නුවන් ප්‍රදීප්
ළහිරු කුමාර
තිසර පෙරේරා
ඉසුරු උදාන
කසුන් රාජීත

ලසිත් මාලිංග වෙනුවට දසුන් ශානක දෙවන තරඟයේ සිට සංචිතයට.