(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර සඳහා 40% ක් විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙමඟින් ඔබට ලොව පුරා ගමනාන්ත 35 කට අධික සංඛ්‍යාවක් වෙත රිසි සේ පියාසර කිරීමට අවස්ථාව උදා වනු ඇත.
එසේම ඉදිරියේ දී පිරිමැසුම් පන්තියේ ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා ද 25% ක විශේෂ දීමනාවක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු යොදා තිබේ.
ශ්‍රීලංකන් ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා ගුවන් මගීන්හට මෙම දීමනාව 2019 ජූලි මස 27 සිට 2020 ජූලි මස 15 තෙක් වලංගු වන අතර ඔවුන්ට එම කාල සීමාව තුළ නිදහසේ ඕනෑම වේලාවක ගුවන් සංචාරයේ යෙදිය හැකිය.
ශ්‍රීලංකන් ගුවන් සේවය පිරිමැසුම් පන්තිය සඳහා ලබා දෙන විශේෂ දීමනාව දින 09 ක් පමණක් ක්‍රියාත්මක වන අතර එනම් 2019 ජූලි මස 20 වැනිදා සිට 2019 ජූලි මස 28 තෙක් ඔවුන්ට ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීම අවස්ථාව සැලසේ.
පිරිමැසුම් පන්තියේ ප්‍රවේශපත්‍ර මිලදී ගත් ගුවන් මගීන්ට 2019 සැප්තැම්බර් මස 15 වැනිදා සිට 2020 ජූලි මස 15 වන දින දක්වා කාල සීමාව තුළ සිය සංචාරක කටයුතු සිදුකර ගත හැකි වේ.
මෙම දීමනාව හරහා ලොව පුරා ආකර්ෂණීය ගමනාන්ත 35 කට අධික සංඛ්‍යාවක් වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට ගුවන් මගීන්ට අවස්ථාව සැලසෙන අතර ඇතැම් ගමනාන්ත සඳහා සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ප්‍රථමයෙන්ම ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා ගුවන් මගීන්ට විශේෂ පහසුකම් සැලසේ.
SriLankan Travel Fest’ දීමනාව පිළිබඳව වැඩිදුර තොරතුරු www.srilankan.com/srilankan-travel-fest වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.







