(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල වරායේ නැංගුරම් ලා තිබූ ශ්‍රී ලංකා ග්ලෝරි නැමැති භාණ්ඩ නෞකාව ඊයේ (18) පස්වරුවේ හැමූ දැඩි සුළඟට හසුව නැංගුරම කැඩී රූමස්සල දෙසට පාවී ගොස් අනතුරකට ලක්ව තිබේ.
නැංගුරම් කැඩී රූමස්සල කන්ද දෙසට පාවී ගිය නැව සාම චෛත්‍යට පහල ගල්පර අතර සිරවී තිබූ බවත්, නැවට ජලය කාන්දු වෙමින් පැවති බවත් ගාල්ල වරාය සේවකයකු කියා සිටියේය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ නැව අනතුරට ලක්වන අවස්ථාවේ එහි කාර්යමණ්ඩලයේ නවදෙනකු සිටි අතර ඔවුන් බේරා ගැනීමට නාවුක හමුදාව සමත්වූ බවත්ය.
ශ්‍රී ලංකාවට අයත්ව තිබූ මෙම නෞකාව මෙරටින් නිදහස්කර ඇති බවත්, එය දැනට ඉන්දියානු සමාගමක් සතුව ඇති බවත් වාර්තා වේ.
Video: A cargo vessel named Sri Lankan Glory has run aground in Rumassala, Galle due to the rainy and windy weather condition. #lka pic.twitter.com/B9F8bxqPGJ
— Manjula Basnayake (@BasnayakeM) July 19, 2019









