FAST NEWS

24×7 Around the Globe

මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට වසර 30 ක සිර දඩුවම්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන එල්. චාපෝ බුස්මාන් නැමැත්තාට වසර 30 ක සිර දඩුවම් ලබාදීමට අමෙරිකානු අධිකරණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

62 හැවිරිදි ගුස්මාන් පෙබරවාරි මාසයේ නිව්යෝක්හි ෆෙඩරල් උසාවියක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා 10 කට වැරදිකරු විය.

ඔහු 2015 දී උමගක් හරහා මෙක්සිකානු බන්ධනාගාරයකින් පැන ගිය නමුත් පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු 2017 දී එක්සත් ජනපදයට පිටුවහල් කරන ලදී.

පසුගිය දිනක නැවතත් සිදුකළ දැවැන්ත මෙහෙයුමකදී බුස්මාන්ව අත්අඩංගුවට ගැනීමට අමෙරිකානු නාවික හමුදාව සමත් විය. ඔහු සමග තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දස දෙනෙක් අත්අඩංගුවට පත්වූහ.

2009 දී ගුස්මාන් ෆෝබ්ස් හි ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට 701 ​​වන ස්ථානයට ද පත්විය.