FAST NEWS

24×7 Around the Globe

රන්ජන් සමාව ගත යුතු බව චම්පික කියයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට සමාව ගත යුතු බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“භික්ෂූන් වහන්සේලා රාජ්‍ය නීතියට යටත්. මහානායක හිමිවරු, අනුනායක හිමිවරු, අධිකරණ සංඝනායක හිමිවරු පත්කර තිබෙන්නේ හිමිවරුන්ගේ ප්‍රශ්න විසඳා ගන්නයි.

ගිහි දේශපාලකයිනට ඒවා අදාළ දේවල් නෙමෙයි. අපි බොහොම පැහැදිලිව කියන්න ඕන මිහිඳු මහ රහතන්වහන්සේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වට පස්සේ වසර 2300ක් නොයෙකුත් හැල හැප්පීම් මැද ඉදිරියට ගියා.

ඉතාම බරපතල ප්‍රශ්න වලට භික්ෂු ශාසනය මුහුණ දුන්නා. එක කාලෙක සියමෙන් උපසම්පදාව ගේන්න සිදුවුණේ ගණින්නාස්සේලා බිහිවෙලා ශාසනය ගැටලුවට ලක්වෙලා තිබුණ නිසයි.

දේශපාලකයෝ ඇවිල්ලා භික්ෂූන් වහන්සේලාට විනය කතා කිරීම සුදුසු කරුණක් නෙමෙයි.

කවුරුහරි වැරදි කරන කෙනෙක් ඉන්නවානම් රටේ නීතිය තිබෙනවා. මේ රට හුඟාක් පරාභයට ගිහින් තිබෙන්නේ කට වරද්දා ගැනීම නිසයි.

සමාජ වෙබ් අඩවි ජලා තිබෙන නිසා මොන මොනවා හරි කිව්වාම හරි කියලා හිතනවා. ඒ නිසා වාචාල කථා කාරයින්ට ලොකු තැනක් ලැබිලා තිබෙනවා. අපේ රන්ජන් රාමනායක මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මහා සංඝරත්නයෙන් සමාව ගන්නා ලෙසත් නැවත මේ වගේ කථා නොකරන ලෙසත්.”