(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය යළිත් වරක් මාලදිවයිනට ලබාදෙන ලෙස ඉන්දියාව, පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.
ලන්ඩනයේ මේ වන විට පැවැත්වෙන 19 වන පොදුරාජ්‍ය මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව හින්දු පුවත්පත වාර්තා කළේය.
2016 වසරේදී හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලන කාලය තුළ මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබුවේ පිරිහුණු මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්ය.









