FAST NEWS

24×7 Around the Globe

පස්වන ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයාත් ටෙස්ට් පිටියට සමුදෙයි.

ඕස්ටේ‍්‍රලියානු කඩුළු රකින ක‍්‍රීඩක බ‍්‍රැඞ් හැඩින් අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ වසරේ දී ටෙස්ට් පිටියෙන් සමුගත් පස්වැනි ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයායි. මීට පෙර මයිකල් ක්ලාක්, රයන් හැරිස්, ක‍්‍රිස් රෝජර්ස් සහ ෂේන් වොට්සන් ටෙස්ට් පිටියෙන් සමුගැනීම ප‍්‍රකාශයට පත්කළා.

37 හැවිරිදි වියේ පසුවන බ‍්‍රැඞ් හැඩින් වසර 15 ක් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියෝජනය කළ අයෙක්. නිමා වු අළුබඳුන තරගාවලියේදි එංගලන්තය හමුවේ ඕස්ටේ‍්‍රලියාව ලද පරාජයත් සමග ඔහු මෙම තීරණය ගත් බවයි ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන් සඳහන් කළේ.

ටෙස්ට් තරග 66 කට එක් වූ බ‍්‍රැඞ් හැඩින් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 3266 ක්. එක්දින තරග 126 කට කී‍්‍රඩා කළ ඔහු ලකුණු 3122 ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවාර විස්ස තරග 34 කදී ඔහු ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.