FAST NEWS

24×7 Around the Globe

දෙහි කිලෝවක් 1500 කට යති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මේ දිනවල වවුනියාව වෙළෙඳපොළේ දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1500 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව වෙළෙඳපොළේ සාමාන්‍ය දෙහි ගෙඩියක් රුපියල් 20 කටද තරමක් ලොකු දෙහි ගෙඩියක් රුපියල් 30 කටද අලෙවි වන බව පැවසේ.

වවුනියාවේ වෙළෙන්දන් ගොවීන්ගෙන් දෙහි කිලෝවක් තොග වශයෙන් රුපියල් 800 ක මිලකට ගන්නා බවද පැවසේ.

මේ දිනවල දෙහිවල විශාල හිඟයක් පවතින බව වෙළෙන්දො පවසන බව කියැවේ.

වවුනියාවේ මේ දිනව පවතින දැඩි නියඟය නිසා දෙහි ගස් මිය යෑමත් දැනට ඇති දෙහි ගස්වලට ජලය සපයා දීමට නොහැකි නිසා ඵලදාව අඩු විමේන් මෙම තත්වය නිර්මාණය වී ඇති බව පැවසේ.