(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරණ දණුවම නියම වී මේ වන විට වැලිකඩ බන්ධනාගාරයෙහි රඳවා සිටින සිරකරුවෙකු බන්ධනාගාරය තුලදී උසස් අධ්‍යාපනය හදාරා තම ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් පුවතක් වාර්තා වෙයි.
මෙම පුද්ගලයා නමින් ඉන්දික බමුණුසිංහ වන අතර , ඔහුගේ උපාධි ප්රදානෝත්සවය අද (11) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතව ඇත.
බන්ධනාගාරයක් තුළ සිට උපාධියක් ලබාගන්නා ලද ලංකාවේ ප්‍රථම රැඳවියා ඉන්දික වන අතර ලෝකයෙන්ම 05 වෙනි ස්ථානය හිමිවෙයි.
මොහු තම උපාධිය ලබා ගැනීම සඳහා ඔහුට අවශ්‍ය දේශනයන් ලබාගනු ලැබූයේ ඔහුගේ බිරිඳ එම විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වී එම දේශන පටිගතකර බන්ධනාගාර නීති රීතිවලට අනුව එම පටිගත කිරීම් ඔහු වෙත ලබාදීමට බන්ධනාගාර පුනරුත්ථාපන හා නිපුනතා සංවර්ධන චන්දන ඒකනායක මහතාගේ උපදෙස් අනුව පුනරුත්ථාපන අංශය සළසා දුන් කටයුතු වලට අනුව බවයි වාර්තා වන්නේ.
එසේම ඔහුට ඒ සඳහා අවශ්‍ය පොත් විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සහ ලිපි ලබා ගැනීම මගින්ද ඔහුගේ පහසුකම් සලසා දී ඇත.
තවද, ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් හදාරන ලද විෂයන් වනුයේ සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව, අපරාධ විද්‍යාව වන විෂයන් වන අතර කැළණිය විශ්වවිද්‍යාලය මගින් හදාරන ලද විෂයන් වනුයේ සමාජ විද්‍යාව, සමාජ පර්යේෂණ, සංවර්ධන සමාජ විද්‍යාව, සාමාජීය සංස්කෘතිය, සංයුක්ත සමාජ විද්‍යාව, සමකාලීන සමාජ විද්‍යාව යන විෂයන්ය.









