(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් වැව්වල වගා කර ඇති “මැක්ක්‍රොබේරියම් රොසෙන් බර්ජි” නම් විද්‍යාත්මක නාමයෙන් හදුන්වන”කර අඬු ඉස්සා” හෙවත් “මිරිදිය යෝධ අඬු ඉස්සා”ගේ අස්වැන්න මේ දිනවල බහුලව නෙලා ගැනීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට හැකියාව ලැබී තිබෙන බව වාර්තා වෙයි.
මීට මාස 06 කට පමණ පෙර මුදා හරින ලද ඉස්සන් පැටවුන් මේ වන විට අස්වැන්න නෙළන තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම ඉස්සන් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1000 – 1300 ත් අතර මිලකට අලවි කෙරෙයි.
මෙම ඉස්සන් වර්ගය ජීවත්වන්නේ කරදියේ වුවත් එම සතුන් තම අභිජනන කටයුතු සඳහා කරදිය මිශ්‍ර මිරිදිය සොයා පැමිණීම සිදු කරයි.
ලංකාවට ආවේනික මෙම ඉස්සන් වර්ගය තවත් මෙරට ඇති වැව්වලට මුදා හැර ඒ තුළින් මිරිදිය ධීවරයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම , මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට දායකත්වය සැපයීම මෙහි අරමුණ බවත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.









