(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් මහතා වෙත සිය අක්ත පත්ර ප්රදානය කළේය.
ඒ , ධවල මන්දිරයේ පිහිටි ඕවල් කාර්යාලයේදී යි.
ඩොනල්ඩ් ට්රම්ප් මහතා සහ රොඩ්නි පෙරේරා මහතා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා මෙම අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලෝවාමහාපය සහ ජේතවනාරාමයේ ඡායාරූප දෙකක් ද තිළිණ කළේය.








