FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අක්ත පත්‍ර භාරදෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා වෙත සිය අක්ත පත්‍ර ප්‍රදානය කළේය.

ඒ , ධවල මන්දිරයේ පිහිටි ඕවල් කාර්යාලයේදී යි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ රොඩ්නි පෙරේරා මහතා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා මෙම අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලෝවාමහාපය සහ ජේතවනාරාමයේ ඡායාරූප දෙකක් ද තිළිණ කළේය.