(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩෙන්මාර්ක් රජය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් නියාමනය කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ තුන්ලක්ෂ 36,000 ක පමණ ග්‍රාහකයින් පිරිසක් සිටින ඉන්ස්ටර්ග්‍රෑම් භාවිත කරන ප්‍රධාන පුද්ගලයෙකු සිය දිවි හානි කර ගන්නා බවට සටහනක් තබා තිබීමයි.
පසුව ඒ සම්බන්ධයෙන් විමසා බැලීමේදී ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයා සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවයි.
ඊට හේතුව මේ වනවිටත් අනාවරණ වී නොමැති අතර ඔහු මේ වනවිට රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා සදහන් කරයි.









