FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත ඉන්දීයා තරඟයේ ඉතිරි කොටස දෙවැනි දිනයට

( ෆාස්ට් නිව්ස්  –  කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දීයාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු අවසන් පුර්ව තරඟය අද (10) දින යළි ආරම්භ කිරීමට විනිසුරුවෝ ඊයේ (09) තීරණය කළහ.

ඒ අනුව අද (10) දිනයේදී තරග නතර කළ තැන සිට හෙට දිනයේදී යළි තරඟය ආරම්භ කෙරෙනු ඇත.

වාර්ෂාව නිසා තරඟය අත්හිටුවන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමීන් සිටි නවසීලන්තය පන්දුවාර 46 යි පන්දු 01 කදී කඩුලු 05 ක් දැවි ලකුණු 211 ක් රැස් කරගෙන සිටියේය.

ඒ වන විට නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි රොස් ටේලර් ලකුණු 67 ක් හා ටොම් ලැතම් ලකුණු 03 ක් ලබා සිටියහ.