FAST NEWS

24×7 Around the Globe

සිවිල් ආරක්ෂක භටයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවගත්තේගම ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි නිකවැරටිය වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක භටයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 50 ක් ද සොයා ගෙන තිබේ.

සැකකරුව ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.