(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවගත්තේගම ප්රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි නිකවැරටිය වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක භටයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්රෑම් 50 ක් ද සොයා ගෙන තිබේ.
සැකකරුව ආනමඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.








