(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දියාවේ ලක්නව් සිට නවදිල්ලි නුවර වෙත ධාවනය වෙමින් තිබූ බස් රථයක් යමුනා අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබේ.
බස්රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15 ක් ගැඹුරු කානුවකට පෙරළී එම අනතුර සිදුව ඇති අතර අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 50 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රියැදුරුට නින්දයාම අනතුරට හේතුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.









