(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වු ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමීණියේය.
ඒ අනුව දිමුත් කරුණාරත්න ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදි තව ස්වල්ප වේලවකින් මාධ්‍ය හමුවකට එක් වීමට නියමීත බව අප වාර්තාකරු පැවසීය.







