FAST NEWS

24×7 Around the Globe

මෝදිගේ නව ආණ්ඩුවේ ප්‍රථම අයවැය ඉදිරිපත් කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නරේන්ද්‍ර මෝදිගේ නව ආණ්ඩුවේ ප්‍රථම අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරම් විසින් අද (05) එරට ලොක් සභාවට ඉදිරිපත් කළ බව එරට මාධ්‍ය වාර්තා කියයි.

එරට ආර්ථික උපදේශක ක්‍රිෂණ මූර්ති සුබ්‍රමනියම් ගේ මූලිකත්වයෙන් සකස් කළ ආර්ථික සමීක්ෂණ වාර්තාව ඊයේ (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

ආර්ථිකයේ පසුගාමී තත්වයන් හමුවේ වුවද ඉන්දියාව ඉදිරි ආදයම් වර්ෂය තුළ සියයට 07 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව එම වාර්තාවෙන් පැවසුණි.