(ෆාස්ට් ගොසිප් | කොළඹ) – එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුඵ නිලධාරීන් 06 ක් වහාම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
එම නිලධාරීන් හය දෙනාට කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනාම ඇතුළත්ව ඇති බව පැවසේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙම තීරණයට එළඹ ඇතැයි කියැවේ.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නිලධාරීහූ දස දෙනකු ඇතුළත්ව සිටිති.
විදේශිකයන් වන ස්ටීව් රික්සන් මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද, ජෝන් ලුවිස් මහතා පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ද, නික් ලී මහතා අභ්‍යාසකවරයා ලෙස ද, කටයුතු කරති.
මනෝජ් අබේවික්‍රම මහතා පන්දු රැකීමේ පුහුණුකරුවකු ලෙස ද, අජන්ත වත්තේගම මහතා භෞතචිකිත්තකවරයා ලෙස ද, ලෝක කුසලාන කණ්ඩායමේ කටයුතු කරති.
අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටු සභාපතිවරයා සහ කණ්ඩායම් කළමනාකරු ලෙස ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන මහතා සැපයුම් කළමනාකරු ලෙස ද, කටයුතු කරති.
මීට අමතරව පරිගණක විශ්ලේෂකයකු සහ තවත් නිලධාරියකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කාර්ය මණ්ඩලයට ඇතුළත්ව සිටින බව වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ද උපදෙස් ලබාගැනීමෙන් පසුව අදාල නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවද වැඩි දුරටත් පැවසේ.









