FAST NEWS

24×7 Around the Globe

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටු කරනවා – ගෝඨභය

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බවත් කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

එසේම ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බවද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සිංගප්පූරුවේ දී අද (03) මුණගැසුණු අවස්ථාවේදී එ මහතා පවසා තිබේ.

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ප්‍රසන්න රණතුංග මහතා සමඟ තේනුක විදානගමගේ, පියංකර ජයරත්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් ඊයේ (02) සිංගප්පූරුව බලා ගොස් ඇති බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පැවසීය.

අද (03) උදෑසන 10 ට පමණ මන්ත්‍රී කණ්ඩායම එ මහතාව හමුව තිබේ.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳ අතට හැරෙමින් තිබෙන බව එහිදි කියා තිබේ.