(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ මුම්බායි නුවර ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඉන් බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ නිවෙස්වල බිත්ති කඩා වැටීමෙන් බව ඉන්දීය වාර්තා සදහන් කරයි.
පසුගිය 2005 වසරේ ජුලි මාසයේ ඇති වූ ගං වතුරෙන් පසුව මුම්බායි නුවරට බලපෑ දරුණුතම ආපදා තත්ත්වය මෙය බව ද වාර්තා වේ.









