FAST NEWS

24×7 Around the Globe

ලිබියාවේ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් 40 ක් මරුට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලිබියාවේ පවතින අස්ථාවරභාවය හේතුකොටගෙන පවතින ගැටුම් තවත් උඝ්‍ර කරමින් අගනුවර වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එහි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක සිටි රැඳවූවන් 40 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රහාරයෙන් අනතුරුව දැවැන්ත පිපිරීමක් සිදුවු බවත්, ඉන් මියගිය පිරිසට අමතරව තවත් 80 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

සිදුවීමෙන් මියගිය පිරිසෙන් බහුතරය අප්‍රිකාවේ සිට යුරෝපය වෙත ගමන් කිරීමට පැමිණි සංක්‍රමණිකයන් බවට වාර්තා වෙයි.

ප්‍රහාරයේ වගකීම ස්වයං පාලනයක් පවත්වාගෙන යන ලිබියානු ජාතික හමුදාව බාර ගතයුතු බව එක්සත් ජාතීන්ගේ සහාය ලබන ලිබියානු රජයේ අගමැතිවරයා පවසයි.

2011 වසරේදී හිටපු පාලක මුවම්මර් ගඩාෆි පාලනය පෙරළා දැමීමෙන් අනතුරුව ලිබියාවේ දේශපාලනමය තත්ත්වය අස්ථාවර භාවයට පත්වුණි.