(ෆාස්ට් ගොසිප් – කොළඹ) – කණ්ඩායමේ බොහෝ දෙනා සිය සාර්ථකත්වයට සහයෝගය දැක්වු බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ඊයේ පැවති ලෝක කුසලාන එක්දින තරඟයේ වීරයා බවට පත් වු ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
“මට ටීම් එකට ඕන දෙ කරන්න මට ලැබුණා. ඉතින් කොහොම හරි අන්තිමට මැච් එක දින්නා මොකද ? අපි හොඳට බැට් කළා අපි ඔක්කොම අපි හොඳට බොල් කළා, ඒ වගේම ටීම් එකේ ගොඩක් අය සපොර්ට් කළා මේ දෙ මට ලබා ගන්න,ඉතින් හොඳට කලා මේ මැච් එක.”
#ලැබුණූ අවස්ථාව
“ඇත්තමට මට මේක ලොකු දෙයක්, ලොකු සතුටක්, මොකද මගේ පොඩි වයසෙන්ම මට මේ දෙ කරන්න පුළුවන් වෙච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉස්සරහටත් මේ විදියටම මට හොඳට සෙල්ලම් කරලා ඉස්සරහට රටට ලොකු දෙයක් කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ”









