(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ – ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේදී කුඩා බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
කාශ්මීරයේ කිෂ්ට්වාර් ප්‍රදේශයේ හිමාලයා කඳුකර මාර්ගයකදී බස් රථය මීටර් 150ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව ඇති අතර , අනතුරට හේතුව අධික වේගය සහ ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම බවයි ඉන්දීය පොලීසිය සදහන් කළේ.
සහන සේවකයින් එම ස්ථානයට ළඟාවන විටත් බොහෝ දෙනෙකුට අනතුරින් දිවි අහිමි වී තිබූ බව වාර්තා වෙයි.









