FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ නිලධාරීන් 08 කට තලේබාන් ප්‍රහාරයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයට එල්ලවූ ප්‍රහාරයකින් මැතිවරණ නිලධාරීන් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත එරට ජනාධිපතිවරණයේ ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ කටයුතුවල නිරතව සිටි ස්වාධීන මැතිවරණ කොමිසමේ නිලධාරීන් 08 දෙනෙකුයි.

ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඊයේ රාත්‍රියේ ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් පුපුරුවා හරිමින්.