FAST NEWS

24×7 Around the Globe

එජාප ජනාධිපති අපේක්ෂකයා රනිල් !!!

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දීමට නියමීත බව එම පක්ෂ අභන්තර ආරංචි මාර්ග කියයි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනවිට අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ද නම් කළයුතු බවටද එම යෝජනාව මගින් අදහස් කෙරෙන බවද කියැවේ.

එවිට ජනාධිපතිවරණයත් ඊට පසුව එන මහ මැතිවරණයත් එක්සත් ජාතික පෙරමුණට පහසුවෙන් ජයගත හැකි බවද යෝජනාව ගෙන එන පිරිසගේ අදහස වී ඇති බවත් කියැවේ.

කෙසේ වෙතත් මේ සඳහා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විරුද්ධත්වය පළකිරීමට නියමිතව ඇති බවත් ඔවුන්ගේ අදහස වී ඇත්තේ පක්ෂ සමුළුවේදී අපේක්ෂකයා ජනතාව අතරින් තෝරා ගතයුතු බව යන්න පැවසේ.