(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිල සූත්‍රයක් අනුව හාල් මිලට සාපේක්ෂව වී මිල ඉහළ දැමීම සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
වී නිෂ්පාදනය සඳහා ගොවීන් යොදවන රසායනික ද්‍රව්‍ය සහ උපකරණ කුලිය මත පදනම්ව එම මිල සූත්‍රය සකස් කරන බව මාතලේ – ගොඩිගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙවර යල කන්නයේ සිටම වී මිළ ඉහළ දැමීමට තමන් කළ යෝජනාවට අග්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පලකළ බව ද ඔහු එහිදී අවධාරණය කළේය.
පවතින හාල් මිලට සාපේක්ෂව වී මිලෙහි වැඩි වීමක් සිදු විය යුතු බව තමාද පිළිගන්නා බවත්, ඉදිරියේ සිට කන්නයෙන් කන්නයට වී මිළ ඉහළ දැමිමට තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.







