(ෆාස්ට් ගොසිප් – කොළඹ) – 2019 එක්දින ක්රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 39 වැනි තරඟය ලෙස ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර බර්මිංග්හැම්හිදි මෙරට වේලාවෙන් අද (01) පස්වරු 03 ට පැවැත්විමට නියමීතය.
අසනීප තත්වයෙන් පසුවන වේග පන්දු යවන ක්රීඩක නුවන් ප්රදීප් වෙනුවට කසුන් රාජීත අද (01) තරඟයට ක්රීඩා කරනු ඇති බව ශ්රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
එසේම තුන් ඉරියව් ක්රීඩක ජීවන් මෙන්ඩිස් වෙනුවට මීලින්ද සිරිවර්ධන කණ්ඩායමට එක් වනු ඇති බවද පැවසේ.
ඒ අනුව අද (01) දිනයේ ක්රීඩා කරන අවසන් ක්රීඩකයින් 11 දෙනා පිළිබඳව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
ශ්රී ලංකා කණ්ඩායම (ක්රීඩා කළ හැකි) –
1.දිමුත් කරුණාරත්න 2. කුසල් පෙරේරා 3. අවිශ්ක ප්රනාන්දු 4. කුසල් මෙන්ඩිස් 5. ඇන්ජලෝ මැතිව්ස් 6. මීලින්ද සිරිවර්ධන 7. ධනංජය ද සිල්වා 8. තිසර පෙරේරා 9.ඉසුරු උදාන 10.ලසිත් මාලිංග 11. කසුන් රාජීත









