FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියා නායකට ට්‍රම්ප්ගෙන් ආරාධනාවක් ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු – දකුණු කොරියා දේශ සීමාවට පැමිණ තමන් හමුවන්නැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උතුරු කොරියා නායක කිම් ජොං අන් ට ආරාධනා කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඔහු මෙම ආරාධනය සිදුකර ඇත්තේ ජපානයේ පැවැත්වෙන ජී 20 රාජ්‍ය නායක සමුලුව අතරතුර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

තවද ට්‍රම්ප් මහතා ඉල්ලා සිටින්නේ රාජ්‍ය නායක සමුලුවෙන් පසු තමන් දකුණු කොරියාව බලා පිටත්ව යන බැවින් දේශසීමාවට පැමිණ හමුවන ලෙසටත් මෙය විනාඩි කිහිපයක කෙටි සාකච්ඡාවක් පමණක් විය යුතු බවත් ඔහු පැහැදිලි කර තිබේ.