(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 35 වැනි තරඟය ලෙස චෙස්ටර්හිදි අද (28) ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟය පැවැත්විමට නියමීතය.
අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබිම සඳහා බලාපොරොත්තු තබා ගැනිමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුය.
දකුණූ අප්‍රිකා කණ්ඩායම මෙ වන විටත් අවසන් පුර්ව වටයට යෑමේ සමත්කම අහිමී කරගෙන සිටියි.
ඒ අනුව රෝගී තත්වයක් හේතුවෙන් අද (28) තරඟයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කුමාර ක්‍රීඩා නොකරනු ඇති බවත් එ වෙනුවට සුරංග ලක්මාල් ක්‍රීඩා කරනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව අද (28) පැවැත්වෙන තරඟය ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයින් 11 පිළිබඳව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව
(ක්‍රීඩා කළ හැකි) ශ්‍රී ලංකා කණ්ඩායම –
1.දිමුත් කරුණාරත්න 2. කුසල් පෙරේරා 3. අවිශ්ක ප්‍රනාන්දු 4.කුසල් මෙන්ඩිස් 5. ඇන්ජලෝ මැතිව්ස් 6.ජීවන් මෙන්ඩිස් 7.ධනංජය ද සිල්වා 8.තිසර පෙරේරා 9.ඉසුරු උදාන 10. ලසිත් මාලිංග 11.සුරංග ලක්මාල්









