FAST NEWS

24×7 Around the Globe

දඟ පන්දු යවන තරිදු කෞෂාල් චෙන්නායි යයි.

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිදු කෞෂාල් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්‍ෂණයක් සදහා මේ මස 13 වැනිදා චෙන්නායි බලා පිටත්ව යෑමට නියමිතය.

කෞෂාල් සමඟ මෙම පරීක්‍ෂණයට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග සහ තාවකාලිකව පත්කරන ලද ප‍්‍රධාන පුහුණුකරු ජෙරම් ජයරත්න යන මහත්වරුද චෙන්නායි බලා පිටත්ව යෑමට සූදානමින් සිටිති.

ඉන්දියාවට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී මේ මස 01 වැනිදා අවසන් වූ තෙවැනි ටෙස්ට් තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ නයිජල් ලෝන්ග් (එංගලන්තය) සහ රොඞ් ටකර් ( ඕස්ටේ‍්‍රලියාව) විනිසුරුවන් සහ තරග තීරක ඇන්ඩි පයික්‍රෙෆ්ට් (සිම්බාබ්වේ) යන මහත්වරු කෞෂාල්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පැමිණිළි කළහ.

මෙම පැමිණිලි කිරීමත් සමඟ කෞෂාල් දින 14 ක් තුළ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ අධීක්‍ෂණය යටතේ පන්දු යැවීමේ ඉරියව් පිළිබද පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතුය. 22 හැවිරිදි කෞෂාල් මේ වන විට ටෙස්ට් තරග 6 කදී කඩුලූ 24 ක් දවාගෙන තිබේ.