FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදී ජමාල් කෂහෝගි ඝාතකයින් හෙළි වෙයි !

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදී ජමාල් කෂහෝගි ඝාතනය කළ සවුදි ඝාතක කණ්ඩායමේ සියලූ තොරතුරු එක්සත් ජාතීන්ගේ විශේෂ විමර්ශිකාව විසින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

ඒ අනුව මේ පිරිස ඔටුන්න හිමි සල්මන් කුමරුට සම්බන්ධ බව අනාවරණය වී ඇති බව පැවසේ.

මින් කීපදෙනෙක් බුද්ධි නිලධාරීන් වන අතර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ වෝහාරික වෛද්‍ය සලා මොහමඞ් තබයිජීද ඊට අයත් වී ඇති බව කියැවේ.

තුර්කි බුද්ධි සේවාව විසින් මේ ඝාතනයට අදාළ සියලූ තොරතුරු එක්සත් ජාතීන්ගේ විමර්ශිකාවට ලබා දී ඇති බවත් කියැවේ.